ලොව ටෙස්ට් ලකුණු දසදහසේ සීමාව ඉක්මවූ ලොව ලාබාලම ක්රීඩකයා බවට පත් වීමට එංගලන්ත කණ්ඩායමේ නායක, ආරම්භක පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් සමත් විය. ඒ ශ්රී ලංකාව සමිගින් පැවැත්වෙන් දෙවැනි ටෙස්ට් තරගයේදීය. කුක් මෙම සීමාව ඉක්මවා යන විටදී ඔහුගේ වයස අවුරුදු 31 දින 157 ක් වූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු මෙම සීමාව ඉක්මවා යන විටදී වයස අවුරුදු 31 යි. දින 326 ක් විය. එමෙන්ම ඔහු එංගලන්තය වෙනුවෙන් මෙම කඩඉම පසු කළ ප්රථමයාද විය.