එංගලන්ත කණ්ඩායමේ එක්දින නායකත්වයෙන් ඇලිස්ටෙයාර් කුක් ඉවත් කොට ඉයන් මෝගන් නව එක්දින නායකයා ලෙස පත්කර තිබෙන බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව කුක්ට ලෝක කුසලානයත් අහිමි වී තිබේ. එංගලන්තය විසින් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන 15 දෙනාගේ සංචිතය නම්කර තිබෙන අතර එහි නායකත්වය මෝගන්ට ලබා දී තිබේ. කුක්ට කණ්ඩායමේ ස්ථානයක් නොමැත.
එංගලන්ත කණඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය කුක් නායකත්වයෙන් හා කණ්ඩායමෙන් ඉවත් කොට තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන එංගලන්ත තේරීම් කමිටු ප්‍රධානී ජේම්ස් විටේකර් පවසන්නේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව මෙම තීරණයට පැමිණි බවත් එහිදී කුක්ට ස්ථානයක් ලබාදීම අපහසු වූ බවත්ය.
එංගලන්ත ලෝක කුසලාන සංචිතය
ඉයන් මෝගන් (නායක), මෙයින් අලී, ජෙම්ස් ඇන්ඩර්සන්, ගැරී බැලන්ස්, ඉයන් බෙල්, රවී බෙපාරා, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජෝස් බට්ලර්ථ ස්ටිවන් ෆින්, ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් ජෝඩන්, ජෝ රූට්, ජේම්ස් ටේලර්, ජේම්ස ට්‍රැඩ්වෙල්, ක්‍රිස් වෝක්ස්