පසුගියදා බත්තරමුල්ල සුපිරි හෝටලයකදී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කිත්රුවන් විතානගේට වසරක තරග තහනමක් පැනවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අදාළ තරග තහනම පසුගිය මස 26 වැනිදා සිට බලපැවැත්වෙන අතර, ක්රීඩා සමාජ තරග හෝ ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන කිසිදු තරගාවලියකට ඔහුට සහභාගි විය නොහැකිය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විනය කමිටුව විසින් සිදුකරන ලද විනය පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ කිත්රුවන්ගේ විනය විරෝධීව හැසිරී ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුට වසරක් යනතුරු කිසිදු ක්රිකට් කටයුත්තකට සහභාගි වීම තහනම් කර තිබේ.
මීට පෙරද කිත්රුවන්ට එරෙහිව විනය සම්බන්ධව ගැටලු මතුව තිබුණු අතර මෙවර විනය කමිටුවෙන් ඔහුට දැඩි දඬුවම් ලබාදී තිබේ.