ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන කිත්රුවන් විතානගේට හා රමිත රඹුක්වැල්ලට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
ඒ ඔවුන් දෙදෙනා බත්තරමුල්ලේ පවතින ප්‍රසිද්ධ හෝටලයකදී ඇතිකරගත් ගැටුමක් මෙම විනය පරීක්ෂණයට හේතු වී තිබෙන බව වාර්තා වෙනවා. විනය පරීක්ෂණය හේතුවෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරයද අහිමිවෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි.
කිත්රුවන් විතානගේ පිටියෙන් පිටත ගැටුම් ඇතිකරගැනිම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව ඇති අතර රමිත රඹුක්වැල්ල යනු හිටපු අමාත්‍ය එසේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුතාද වෙයි.
චම්පික ප්‍රනාන්දු