කොදෙව් ක්ර්කට් ආයතයට වඩා හොඳින් තම කණ්ඩායමට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය සැලකූ බව කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක ඩ්වේන් බ්රාවෝ පැවැසීය.
එසේම කණ්ඩායම ජය ගැනීමෙන් පසුව කොදෙව් ක්රිකට් ආයතනයේ කිසිවෙකුත් දුරකතන ඇමතුමක් දී සුබ පැතුම් එක් නොකළ බවත් ඔහු පැවැසීය.
"කැරිබියන්වල ක්රිකට් තියෙන්නේ හරි අත්වල නෙමෙයි. අපිට කොදෙව් ක්රිකට් ආයතනයේ නිලධාරියෙකු හෝ අධ්යක්ෂකවරයෙක් එක දුරකතන ඇමතුමක දුන්නේ නෑ. ඒක හොඳ දෙයක් නෙමෙයි. අපි දන්නවා ඔවුන්ට මේ තරගාවලියට අපි දිනනවා දකින්න හෝ අපිට දිනන් පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ.
ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයට අපිට හොඳට සලකවා. අපි අපගේ තරග කාලසටහන ගත්තෝත් මේ වසරේදී අපිට තවත් කිසිඳු විස්සයි20 තරගාවලියක් නෑ. දකුණු අඅප්රිකාවත් එක්ක තරගාවලියක් තියෙන්න තිබෙනවා. නමුත් ර් වන විට අපි එංගලන්තයේ ක්රීඩා කරමින් සිටීවි. බලන්න අපිට මෙහේ තියෙන ආදරය. අපේ ක්රිකට් ආයතයට වඩා ඉන්දීය ක්රිකට් ආයතනය අපිට ගොඩක් දේවල් කරනවා. කැරිබියන් මිනිස්සු එකතු කරන්නේ ක්රිකට් ක්රීඩාව"