බංග්ලාදේශ කණ්ඩායම සමගින් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය කල්දැමූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් මාධ්‍ය වාර්තා කරයි.
ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය එළඹෙන 09 වැනිදා චිතගොංහිදී ආරම්භකිරීමට නියමිතව තිබුණද, බංග්ලාදේශය තුළ මේ වනවිට උද්ගතව ඇති ආරක්ෂක ගැටලු හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ඊයේ (01දා) සන්ධ්‍යාවේ මෙම තීරණයගෙන ඇත.
මේසම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් පවසා ඇත්තේ, මෙය ඉතා දුෂ්කර තීරණයක් බවයි. කෙසේ නමුත් බංග්ලාදේශය තුළ මේ වනවිට උද්ගතව ඇති ආරක්ෂත තත්ත්වය තුළ මෙම සංචාරයකල් දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද ඔහු පවසා ඇත.