සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර බ්‍රිස්බෙන්හි අද (09දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 208ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 -0 ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවේ.
පසුගිය බ්‍රහස්පතින්දා (05දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 556/4 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. මෙයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 317 ක් පමණි.
ඒ අනුව නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානුවෝ ලකුණු 264 ක් රැස්කර ඉනිම අත්හිටවූ අතර, ඒ හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 505ක ඉලක්කයක් හිමිවිය. කෙසේ නමුත් එම ඉලක්කයට පිළිතුරු ලෙස සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 295 ක් පමණි. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 208 ක ජයග්‍රහණයක් හිමිවිය. තරගයේ වීරයා ලෙස ඩේවිඩ් වෝනර් සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව