(UPDATE) සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් තෙවැනි එක්දින තරගය ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
ජෝ රූට් හා ජෝස් බට්ලර් 6 වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 84ක සබඳතාවක් ගොඩනගමින් එංගලන්ත ජයග්‍රහණය තහවුරු කළහ.
ලකුණු 243ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින එංගලන්ත කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේදී කිසිවෙකු නොදැවී ලකුණු 79ක් රැස්කරගෙන සිටියි.
ජයග්‍රහණය සඳහා ඔවුන්ට තවත් ලකුණු 157ක් අවශ්‍ය වෙයි. ඒ සඳහා පන්දුවාර 24ක් ඉතිරිව තිබේ.
අලී44* කුක් 34*
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට වර්ශාවෙන් බාධා ඇති වීම හේතුවෙන් තරගය පන්දුවාර 35කට සීමා විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේදී කඩුලු තුනට ලකුණු 75ක් රැස්කර සිටියි.
සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට වර්ෂාව පතිතවීම හේතුවෙන් තෙවැනි එක්දින තරගය තාවකාලිකව නවතා ඇත. පන්දුවාර 2ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.
දැවී ගිය ක්‍රීඩකයා කුසල් පෙරේරා (0)
ඩිල්ෂාන් 6*, සංගා 0*
එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්සින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. වසර තුනකට පසුව තිළිණ කණ්ඩම්බිට අද අවස්ථාවක් හිමිව තිබේ.
ඡායාරූප ශාන්ත රත්නායක