සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 06ක විශිෂ්ඨ ජයක්
UPDATE සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ල ක්රිකට් ක්රීඩාංගණයේදී පැවති එක්දින තරඟයේදී කඩුලු 06ක විශිෂඨ ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (30දා) සමත්විය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 05ක් බිද වැටී ලකුණු 317ක් ලබා ගත්තේ ය. ඒ අනුව පිළිතුරු ඉනිම ක්රිඩා කල සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 47 පන්දු 4ක් තුලදී ලකුණු 322ක් ලබා ගනිමින් තරඟය ජය ගැනීමට හැකිවිය.

UPDATE පළමු ඉනිම ක්රීඩාකල ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් බිඳවැටී ලකුණු 316ක් ලබා ගත්තේය.
එහිදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් ලබා ගත් අතර තරංග ලකුණු නොදැවී ලකුණු 79ක් හා ගුණතිලක ලකුණු 60ක් ලබාගත්තේය.
සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ල ක්රිකට් ක්රීඩාංගණයේදී අද (30දා) පැවැත්වෙන පළමු එක්දින ක්රිකට් තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
