ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කර දිල්ලිහි ෆෙරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ අද (24දා) පැවැති තරගයෙන් කඩුලු 09 ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පරාජය වූ දෙවැනි තරගය මෙය වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 124 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු පිතිකාරිනියෝ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වූහ. ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය එලිස් විලානි (53) හා මැග් ලනින්ග් (56) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූ අතර, ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 98 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 123 ක් රැස්කිරීමට සමත්විය.ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ නායිකා චමරි අතපත්තු හා ඩිලානි මනෝදරා ලකුණු 38 බැගින් රැස්කළ අතර, ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 75 ක සබඳතාවක් ගොඩනැගූහ. තරගයේ වීරවරිය ලෙස එලිස් විලානි සම්මාන දිනාගත්තාය.
ශ්‍රී ලංකාව 123/8 (පන්දුවාර 20)
චමරි අතපත්තු 38 (38, 4x4), ඩිලානි මනෝදරා 38 (35, 4x5), එශානි ලොකුසූරිය 16 (19, 4x1), අනුෂ්කා සංජීවනී 12 (13, 4x1), මේගන් ස්කට් 2/25 (4), ක්‍රිස්ටීන් බේම්ස් 2/25 (4)
ඔස්ට්‍රේලියාව 125/1 (පන්දුවාර17.4)
මැග් ලනින්ග් නොදැවී 56 (53, 4x8), එලිස් විලානි නොදැවී 53 (39, 4x9), අලීසා හීලි 12 (14, 4x2), ඉනෝකා රණවීර 1/27 (4)