ප්‍රභල ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු අටකින් පරාජය කර පස්වැනි විස්සයි20 කාන්තා ලෝක කුසලනාය තමන් සතු කර ගැනීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත්විය.
කොදෙව් කාන්තා කණ්ඩායමක් කාන්තා ලෝක කුසලානයක් ජයගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි. අවසන් වරට පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලි තුනේදීම ශූරතාව දිනා ගැනීමට සමත්වූයේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.
ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩිකාවෝ තරගයේ 19.3 පන්දුවාරයේදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු දෙකක් පමණක් වැය කරමිනි.
නායක ස්ටෙෆානි ටේලර් හා ක්‍රිස්ටන් මැතිව්ස් පළමු කඩුල්ල සඳහා අගනා ලකුණු 120ක සබඳතාවක් ගොඩ නැගීය.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නේය.
පිරිමි අවසන් මහ තරගය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.
කොදෙව් ක්‍රීඩිකාවන් හා සතුට සැමරීමට කොදෙව් ක්‍රිඩකයන්ද එක්වුණා