කාන්තා ක්‍රිකට් පිලේ ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්ධිය පිළිබඳව කරුණු සෙවීමට පත්කළ වාර්තාවෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමණාකාරීන් කිහිපදෙනෙකුට එල්ල වී තිබූ චෝදනා සනාථ වී ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, කමිටු සාමාජිකයන්ගේ නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙත ඉදිරිපත් කර ඊට අනුකූලව ක්‍රියාකිරීමට උපදෙස් ලබාදීමටත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු තිබේ .