ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස ශෂිකලා සිර්වර්ධන පත්කර තිබේ. ඒ අනුව එක්දින හා 20/20 තරග සඳහා ශෂිකලා නායිකාව වශයෙන් ඉදිරි තරගවලදී කටයුතු කරයි. මීට පෙර වසර හතක් පමණ කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කර ඇති ඇය, පසුගිය වසරේ (2014) පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඇය නායකත්වයෙන් ඉල්ලා අස්වූවාය. එහිදී නායකත්වය චමරි අතපත්තුට පිරිනැමිණි.
නව නායිකාව ලෙස ශෂිකලා පත්වීමත් සමග උපනායිකාව ලෙස චමරි අතපත්තු පත්කර තිබේ. මෙම පත්වීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහාද ඉදිරිපත් කර තිබේ.