කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට පරදියි
දකුණු කොරියාවේ ඉංචියොන්හිදී මේදිනවල පැවැත්වෙන 17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් හෝ රීදි පදක්කම් බලාපොරොත්තුව අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට මීට සුළු වේලාවකට පෙර සිදුවිය.
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග අද (25දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 25 කින් පරාජය වීමට සිදුවිය.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 95/4 ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18.2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 70 ක් පමණි.
පාකිස්තාන කණ්ඩායම හා චීන කණ්ඩායම අතර පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ජයගැනීමට පාකිස්තානය සමත්වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව සහ චීනය ලෝකඩ පදක්කම වෙනුවෙන්ද, බංග්ලාදේශය සහ පාකිස්තානය රන් පදක්කම වෙනුවෙන්ද හෙට (26දා) තරග වැදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

