පසුගිය රජය හඳුන්වා දුන් ක්‍රීඩා ප්‍රතිපත්තියේ විවිධ අඩුපාඩු ඇති හෙයින් ඒවා සංශෝධනය කර නැවත වරක් ක්‍රීඩා ප්‍රතිපත්තිය ගෙනඒමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. අයවැය 2016 කාරක සභා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පෙරේදා (05දා) මේ බව ප්‍රකාශ කළේය.
එසේම සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සෑම පන්තියකම එක් ක්‍රීඩාවකට හෝ සම්බන්ධ දරුවන්ට ලකුණු ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක් ලබන වර්ෂයේ සිට අාරම්භ කරන බවත්, පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ඇති කිරීම වෙනුවෙන් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කීවේය.
එමෙන්ම ඉදිරි වර්ෂය තුළ පාසල් ක්‍රීඩාව ශක්තිමත් කිරීමට සියලුම පාසල් සඳහා ක්‍රීඩා ගුරුවරුන් බඳවාගැනීමට තීරණය කර ඇති අතර, දැනට සේවයේ යුතු සියලුම ක්‍රීඩා ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
"පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ඇති කිරීම වෙනුවෙන් අධ්‍යාපන ඇමැතිවරයා සහ ක්‍රීඩා ඇමතිවරයා ලෙස ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක්ද පැවැත්වූවා. ඒ වගේම පාසල් අධ්‍යාපනයෙන් පසුවද දරුවන්ගේ ක්‍රීඩා කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.
ඒ සම්බන්ධයෙන්ද වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ශාරීරික අභ්‍යාස සඳහා පාසල් දරුවන් යොමුකිරීම පිළිබඳවද පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් අනිවාර්ය කිරිමට සැලසුම් කර තිබෙනවා. දිවයින පුරා පාසල් 10,000ක ප්‍රමාණයක් තිබෙනවා. ඉන් පාසල් 5100කට ක්‍රීඩා ගුරුවරු නැහැ. මේ පාසල්වලට අවශ්‍ය ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගැනීමටත් තීරණය කර තිබෙනවා. දැනට සිටින සියලු ගුරුවරුන් වසර 2016 සිට පුහුණු කිරීමේ නව වැඩපිළිවෙළක්ද ආරම්භ කරනවා.
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු නිලධාරීන් බඳවා ගැනීමත් සිදුකරනවා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම ක්‍රීඩා නිලධාරීන් නැහැ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සෑම පන්තියකම එක් ක්‍රීඩාවකට හෝ සම්බන්ධ දරුවන්ට ලකුණු ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක් 2016 සිට ඇති කරනවා.ක්‍රීඩා වෛද්‍ය ආයතනයත් ශක්තිමත් කරනවා. ඒ වගේම භෞත චිකිත්සකයන් හා සම්බාහනකරුවන් සංඛ්‍යාවත් වැඩි කරනවා. පළාත් හා ක්‍රීඩා පිටි සම්බන්ධයෙන්ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර, ඒවා නඩත්තු කිරීම සඳහා නිලධාරීන් බඳවාගන්නවා.
පළාත් ක්‍රීඩා වෛද්‍ය ඒකක පිහිටුවනවා. පසුගිය රජය යටතේ ක්‍රීඩා ප්‍රතිපත්තිය ගෙනාවත් එහි අඩුපාඩු තිබෙනවා. ඒ නිසා ක්‍රීඩා ප්‍රතිපත්තිය සංශෝධනය කර නැවත ගේනවා. ක්‍රීඩා සංගම් 47න් 17ක ප්‍රශ්න තිබුණා. ක්‍රීඩාවට දේශපාලනය මැදිහත් වීම මගින් විවිධ ගැටලු මතුවුණා. ක්‍රීඩකයන්ට විදෙස් පුහුණුව ලබාදීම සඳහා ඉදිරියේදී කටයුතු කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම සම්බන්ධ කරගනිමින් ජනතාව ශරීර සුවතා වැඩසටහන්වලට සම්බන්ධ කරගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.පාසල් දරුවන් දියවැඩියා රෝගයට ගොදුරුවීම වළකාලීමට දරුවන් ක්‍රීඩාවට යොමුකරවනවා. ක්‍රීඩාව, අධ්‍යාපනය, දේශපාලනය පටලවාගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ" යැයි අමත්‍යවරයා පැවැසීය.