ක්‍රිස් ෆ්රෑම්ටත් තහනම් උත්තේජක චෝදනා
ප්‍රංශ පාපැදි ධාවන ඉතිහාසයේ සුවිශේෂී ධාවකයෙකු ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ක්‍රිස් ෆ්රෑම්ට තහනම් උත්තේජක චෝදනා එල්ල වී ඇත. ඒ පසුගිය සැප්තැම්බර් මසදී පැවති ස්පාඤ්ඤ පාපැදි සවාරියේදී (Vuelta a España) සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂාවේදිය.
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මේ දක්වා බිහිවූ විශිෂ්ඨම පාපැදි ශූරයා ලෙසින් සැලකෙන ෆ්රෑමි පසුගිය ජූලි මසදී සිය 4 වැනි ප්‍රංශ පාපැදි සවාරිය ජය ගැනිමට සමත් විය. ඒ සමගින් ඔහු ලොව ඉහළතම පාපැදි තරගාවලිය වන ප්‍රංශ පාපැදි සවාරියේ දෙවැනි ස්ථානය දිනා ගැනිමට සමත් විය.
කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධව ඉදිරි පරීක්ෂණ සිදු කෙරෙන නමුත් මේ සම්බන්ධව ෆ්රෑමි ට තරග තහනමක් ලබා දීමට පාපැදි ලෝක සම්මේලනය පියවර ගෙන නැත.
ප්‍රංශ පාපැදි ඉතිහාසයේ විශිෂ්ඨම ක්‍රීඩකයා ලෙසින් සැලකුණු සත්වරක් ශූරතාව දිනා ගත් ඇමරිකාවේ ලාන්ස් ආම්ස්ට්‍රෝං ටද තහනම් උත්තේජක චෝදනා ඔප්පු වීම හේතුවෙන ඔහු සතු සියළු පදක්කම් අහිමි විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

