පළමුවත් දෙවනුවත් තෙවනුවත් තමන්ගේ එකම අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුකිරීම බවත්, ඒ සඳහා සියලු දෙනා තමන් සමඟ එක්ව කටයුතු කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද (03දා) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් තිලංග සුමතිපාල මහතා සභාපති තනතුර සඳහා තේරීපත්විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුමතිපාල මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව ක්‍රීඩා නීතිය අනුව වෙනස්කිරීමට තමන් බලාපොරොත්තු බව බවයි.