ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ තිලංග සුමතිපාල මහතා සහ නිලධාරී මණ්ඩලය අද (04දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.
තිලංග සුමතිපාල මහතාගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා එම පිරිස සමග සුහද කතාබහක ද නිරත විය.
ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රිකට් ආයතනයේ නව නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත පැහැදිලි කිරීමක්ද සිදුකරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා නව නිලධාරී මණ්ඩලයට උපදෙස් ලබාදුන් අතර, දක්ෂතා දක්වන නවක ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරියට ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහුසකම් දියුණු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.