ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා මෙම මසදී කැඳවීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ, එළැඹෙන 24 වැනිදා සිට දෙසැම්බර් මස 04 වැනිදා දක්වා නාමයෝජනා කැඳවූ බවයි. කෙසේ නමුත් නාමයෝජනා භාරදීම් සම්බන්ධයෙන් විරෝධතා ඇතිවුවහොත් ඒ සඳහා වෙනම දිනකදී පරීක්ෂණ සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා, "ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් නාමයෝජනා මෙම මස 24 වැනිදා සිට දෙසැම්බර් මස 04 දක්වා කැඳවා තිබෙනවා. අවසන් දින ප.ව. 3.00 දක්වා නාමයෝජනා භාරගන්නවා. එදිනම නාමයෝජනා විවෘතකර, විරෝධතා තිබෙනවානම් ඒවාද ප.ව. 6.00 දක්වා භාරගන්නවා. යම් හෙයකින් විරෝධතා තිබුණොත් වෙනම දිනයක ඒ සඳහා පරීක්ෂණයක් පවත්වනවා" යැයි ද පවසා සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන වසරේ ජනවාරි මස 03 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.