හම්බන්තොට, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රවේශ ශාලා විවාහ මංගලෝත්සව සඳහා කුලියට ලබාදෙන බවත්, ඒ සඳහා දිනකට රුපියල් 10,000 ක කුලී මුදලක් අය කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කීය.
එමෙන්ම මෙම ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු පවත්වන ආයතනයක් බවට පත්කිරීමට සාකච්ඡා කරමින් පවතින බවත්, ක්‍රීඩාංගණය වසා නොදමන අතර, එය ප්‍රකෘති තත්ත්වයට පත්කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම සූරියවැව ක්‍රීඩාංගණය පිහිටා ඇති ප්‍ර‘දේශයේ ක්‍රීඩකයන්ගේ නවාතැන් පහසුව පිණිස හෝටල් පද්ධතියක් නොමැති බවත්, එවැන්නක් ඉදිකිරීම සුදුසු යැයි අගමැතිවරයා පැවසූ බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසූ ප්‍රශ්නයකදී අනාවරණය වූයේ හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පිහිටි ඉඩම අයිතිකරුවෙකු නොමැති ඉඩමක් බවට පත්ව ඇති බවයි.
මේ වනවිට එය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති බවත්, ඉදිරියේදී එය අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළහොත් අවශ්‍ය කරුණු සියල්ල අනාවරණය කරගත හැකි බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය.