ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හා දුර්වලතා විශ්ලේෂණය කිරීමේ මධ්‍යස්ථානයක් (Brain Centre) ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක (රු.14,764,811.32) වියදමින් ඉදිකිරීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක අරවින්ද ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් මෙහි ක්‍රීඩක දක්ෂතා විශ්ලේෂණය සිදුවන අතර, ඊට ජාතික පුහුණුකරු ග්රැහැම් ෆෝඩ්, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය, ක්‍රීඩක දක්ෂතා වර්ධනය කිරීමේ කළමනාකරු සයිමන් විලිස් යන මහත්වරුන්ගේ සහයද ලබාගැනීමට නියමිතය.
ක්‍රීඩක දක්ෂතා විශ්ලේෂණය සඳහා උසස් තාක්ෂණික මෙවලම් භාවිත කරන අතර, එහිදී ක්‍රීඩක දත්ත වාර්තා, කණ්ඩායම් වාර්තා ඇතුළු නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාක්ෂණික දක්ෂතා වර්ධනය කිරීමට අපේක්ෂිතය.