ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව අත්සන් කිරීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.
එහි අවසන් සැලැස්ම කෙසේද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවත්, ගිවිසුම් පිළිබඳව අවසන් තීරණය ගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් ඒ මහතා සඳහන් කළේය.
බොහෝ කාලයක සිට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගිවිසුම් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති අතර, නිමා වූ අතුරු කමිටු පාලනයේදීද ක්‍රීඩකයන් හා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොතිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර අවසන් වරට ගිවිසුම් අත්සන් කර තිබුණේ 2014 වසරේදීය. සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය අතර වසරකට වරක් ගිවිසුම් අත්සන් කරනු ලබයි.