ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් තමන්ට කළ හැකි සෑමදෙයක්ම කොහේ සිටියත් සිදුකරන බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර අද (25දා) ආරම්භ වූ පළමු එක්දින තරගයට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හිස්වැසුම් ලබාදෙමින් රණතුංග මහතා මෙම අදහස් දක්වා සිටියේය.
“මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මට ආරාධනාවක් ලැබුණා ක්‍රීඩකයන්ට ඇවිල්ලා කතා කරන්න කියලා. මම ආවෙ ක්‍රීඩකයන් නිසා. මම අකමැති සමහර දේවල් සිදුකරන නිසා මම ක්‍රිකට් ආයතනයෙන් බැහැරවයි ඉන්නෙ. නමුත් ක්‍රිකට්වලට මගේ අකමැත්තක් නැහැ. ලංකාවේ ක්‍රිකට් කියන දේ මගේ ජීවිතයට වඩා වටින දෙයක්. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කරනවා. මට ප්‍රධානම වෙලා තියෙන්නේ මේ රටේ ක්‍රිකට්. අපි ලෝක කුසලානයක් ජයග්‍රහණය කළා. පරිපාලනය හා ක්‍රීඩාව හරි විදියට යෙදෙව්වොත් තව එවැනි ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්න අපහසු නැහැ. ඒ වෙනුවෙන් මට පුළුවන් දායකත්වය කොහේ හිටියත් ලබාදෙනවා” යැයි රණතුංග මහතා පවසා සිටියේය.