ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ බව කියන වංචා දූෂණ, අක්‍රමිකතා හා බලය අයුතු ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා හිටපු සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පත්කළ කමිටු වාර්තාව අද (29දා) ක්‍රීඩා අමාත්‍යංශයේදී නවින් දිසානායක මහතාට බාරදුන්නේය.
අධිනීතිඥ රවි අල්ගම මහතාගේ සභාපතිත්වය යටතේ, අධිනීතිඥ ජාලිය බෝධිනාගොඩ සහ නීතිඥ වරුණ මල්ලවආරච්චි යන අයගේ සහභාගීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවකට පසුගිය මැයි මාසයේ සිට මෙම අක්‍රමිකතා සෙවීමේ කටයුතු පැවරී තිබූ අතර, ඒ අනුව ඔවුන් සොයාගත් කරුණු පදනම් වාර්තාව අද (29දා) බාරදීමට කටයුතු කළහ.
කෙසේ නමුත් ඉකුත්දා පැවැති මහ මැතිවරණයෙන් පසු දිසානායක මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත්කළ හෙයින්, මෙම වාර්තාව වත්මන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට බාරදීමට දිසානායක මහතා කටයුතු කළේය.
කමිටු වාර්තාව නවීන් දිසානායක මහතා විසින් වත්මන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත බාරදෙමින්