ක්ලිෆර්ඩ් කුසලානයේදී යුනිචෙලා හා ස්ලිම්ලයින් දස්කම් දක්වති
සමස්ථ පිරිමි ශූරතාව ස්ලිම්ලයින් ඒ කණ්ඩායමටත් කාන්තා ශූරතාව යුනිචෙලා කණ්ඩයමටත් හිමිකර දෙමින් 91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී ඊයේ (09) නිමාවට පත් විය.
පිරිමි අංශයේ අනුශූරතාව යුද හමුදා ක්රීඩා සමාජය හිමිකර ගනිද්දී තෙවැනි ස්ථානය නාවික හමුදාව දිනා ගත්තේය.
මේ අතර කාන්තා අංශයේ අනුශූරතාව යුනිචෙලා විසින් හිමිකර ගත් අතර තෙවැනි ස්ථානය ගුවන් හමුදාව විසින් දිනා ගත්තේය.
තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා ලෙසින් දිනිඳු සපරමාදු දිනා ගත් අතර දක්ෂතම ක්රීඩිකාවක් වූයේ අනූෂා කොඩිතුවක්කුය.
තරගාවලිය පුරා දින 5 ක් (5-9) පුරාවට රාජකීය විදුහල් බොක්සිං ක්රීඩාගාරයේදී පැවැත්විණි.
දක්ෂතම ක්රීඩිකාව වූ අනූෂා කොඩිතුවක්කු
දක්ෂතම ක්රීඩකයා වූ දිනිඳු සපරමාදු
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.














