ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ සුපිරි පන්දුවාර විස්සයි20 පළාත් ක්‍රිකට් තරගාවලිය අද (26දා) වූ අතර, තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ගාඩියන්ස් කණ්ඩායම පරාජය කර කඩුලු 03 ක තියුණු ජයක් ලැබීමට මිලින්ද සිරිවර්ධනයේ නායකත්වයෙන් යුත් කළම්බු කමාන්ඩෝස් කණ්ඩායම සමත්විය.
කමාන්ඩෝස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ගාඩියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 162 ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කළම්බු කමාන්ඩෝස් කණ්ඩායම තරගයේ 19.4 වැනි පන්දුවාරයේදී කඩුලු 07 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සත්විය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
මෙම තරගාවලිය කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, ඒ සඳහා මිලින්ද සිරිවර්ධන (කොළඹ කොමාන්ඩොස්), දිනේෂ් චන්දිමාල් (ගාල්ල ගාඩියන්ස්), මහේල උඩවත්ත (කුරුණෑගල වොරියර්ස්), තිලකරත්න ඩිල්ෂාන් (හම්බන්තොට ටෘපර්ස්) හා ළහිරු තිරිමාන්න (කැන්ඩි කෘසේඩර්ස්) කණ්ඩායම් නායකයන් ලෙස කටයුතු කරයි.
සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන් මහ තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි මස 05දා පැවැත්වීමට නියමිතව ඇත.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 10 ක මුදල් ත්‍යාගයක් හා අනුශූරතාව සඳහා රුපියල් ලක්ෂ 7,50000 මුදලක් පිරිනැමෙන අතර, තරගයේ වීරයා සඳහා රුපියල් 25,000 ක් පිරිනැමේ. ඊට අමතරව තරගාවලියේ වීරයා සඳහා රු. 150, 000 හා දක්ෂතම පිතිකරු හා දක්ෂතම පන්දු යවන්නා සඳහා රුපියල් 100, 000 බැගින් පිරිනැමේ.
මෙම තරගාවලියේ කැන්ඩි කෘසේඩර්ස් - හම්බන්තොට ටෘපර්ස් තරගය දැන් පැවැත්වේ.
තරගාවලියට ආරම්භවීමට පෙර අද පැවති විශේෂ අවස්ථාවන්