ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටුයුතු කළ රුවන් කල්පගේ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශයේ ඉහළ ශ්‍රේණියේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනූෂ සමරනායක මහතා ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්ව සිටිති.
ඒ එළැඹෙන පෙබරවාරි මාසයේදී නැම්බියාවේ පැවැත්වෙන අයි.සී.සී ලෝක ක්‍රිකට් ශූරතාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගාවලියේදී ඕමාන් ජාතික කණ්ඩායමේ දක්ෂතා වර්ධනය කිරීමට මෙන්ම ඔවුන්ගේ මනස ජාත්‍යන්තර තරග වෙනුවෙන් සූදානම් කිරීම සඳහාය.
ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෙරට හිටපු ක්‍රිකට් නායකයෙකු, පුහුණුකරුවෙකු මෙන්ම පරිපාලකයෙකු ලෙසද කටුයුතු කළ දුලිප් මෙන්ඩිස් මහතා කටයුතු කරයි.