ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පිහිටුවීමට තමා කිසිලෙසකත් ඉඩ නොදෙන බවත්, එසේ කිරීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ගෙදර යන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) අවධාරණය කර සිටියේය.
ඒ මහතා තවදුරටත් පවසා සිටියේ ක්‍රීඩා සංගම් තුළ විවිධ වූ මාෆියා ක්‍රියාත්මක වන බවයි. එසේම ඒවාට මූලිකත්වය ගෙන කටයුතු කරන පාර්ශ්ව ක්‍රීඩා සංගම් තුළ වැරදි ක්‍රියාවල නිරතවන තාක් ක්‍රීඩා සංගම්වල කටයුතු සඳහා දේශපාලඥයන්ටද මැදිහත් වීමට සිදුවනු ඇති බව හෙතෙම එහිදී කියා සිටියේය.
ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව සම්මුති පනත විවාදයට ගැනීමේදී අමාත්‍යවරයා එලෙස සිය අදහස් පළ කර සිටියේය.