බංග්ලාදේශයේ මේ දිනවල පැවැත්වෙන ඩකා ප්රිමියර් ලීග් එක්දින තරගාවලියේ පිතිකරුවන් අතර ශ්රී ලංකාවේ චාමර කපුගෙදර පෙරමුණට පැමිණ ඇත. වික්ටෝරියා ස්පෝර්ටින් සමාජය නියෝජනය කරන ඔහු මේ වනවිට තරග තුනකට සහභාගී ඇති අතර, එහිදී ඔහු ශතක දෙකක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 352ක් රැස්කර තිබේ.
කපුගෙදර ප්රයිම් බෑන්ක් (161) හා මොහමෙදන් (106) කණ්ඩායම් වලට එරෙහිව ශතක රැසකර ඇත. ඊට අමතරව පන්දු යැවීමෙන්ද දක්ෂතා දැක්වා ඇති කපුගෙදර, කඩුලු පහක් බිඳහෙලා ඇත. ප්රයිම් බෑන්ක් කණ්ඩායමට එරෙහිව ලකුණු 41කට කඩුලු 04ක් දවාලීම ඔහුගේ හොඳම පන්දු යැවීම වේ.
කපුගෙදරට අමතරව ඩිල්ශාන් මුණවීර, ශෙහාන් ජයසූරිය, ජීවන් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, මිලින්ද සිරිවර්ධන, රොශේන් සිල්වා යන ක්රීඩකයෝද මෙම තරගාවලිය නියෝජනය කරති.