කණිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේදී නව තරගාවලි වාර්තා 21 ක්
නව තරගාවලි වාර්තා 21 ක් සමගින් ජාතික කණිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලිය හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (26) නිමාවට පත් විය.
දින 4 ක් පුරාවට පැවති තරගාවලියේදී තිබූ වාර්තා සම කිරීම් 2 ක්ද වාර්තා වූ අතර සිව්වැනි හා අවසන් දිනය වූ ඊයේ (26) දී නව තරගාවලි වාර්තා 9 ක් බිහිවිය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට හිමි ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය විසින් පිරිනමන අභියෝගතා කුසලානයේ මෙවර හිමිකාරිණිය බවට පත් වීමට තුන් පිම්ම ඉසව්වේ මීටර් 13.20 ක දුරක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටවූ වෙන්නප්පුව ශූ.පවුලේ කන්‍යාරාමයේ බී.එම්. හෂීනි ප්‍රබෝධා සමත් වූවාය.
ශ්‍රී ලංකා මලළ ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියට වයස් කාණ්ඩ 4 ක් (16 න් පහළ, 18 න් පහළ, 20 න් පහළ, 23 න් පහළ) ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2800 කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
තරගාවලියේ එක් එක් අංශයන් හි දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව
16 න් පහළ
ක්‍රීඩිකාව - එස්.එච්.සදිනි කවීෂා - දික්වැල්ල ම.ම.වි. (දුර පැනීම මී.5.48- නව තරග වාර්තාවකි)
ක්‍රීඩකයා - ශෙමාල් මිලින්ද පෙරේරා -ශා.මරියා විද්‍යාලය හලාවත (මීටර් 200 - තත්පර 22.68)
18 න් පහළ
ක්‍රීඩිකාව- එච්.එම්. අෂ්මිකා හේරත් - කුලියාපිටිය ම.ම.වි.(මීටර් 2000 බාධක දිවීම - මිනිත්තු 6.59.96 නව තරග වාර්තාවකි.)
ක්‍රීඩකයා - ශෙහාන් කාරියවසම් - ශා. ජෝශප් විද්‍යාලය කොළඹ (මීටර් 110 කඩුළු මතින් දිවීම - තත්පර 14.41- නව තරග වාර්තාවකි.)
20 න් පහළ
ක්‍රීඩිකාව - හෂිනි ප්‍රබෝධා බාලසූරිය - ශු.පවුලේ කන්‍යාරාමය(වෙන්නප්පුව- තුන් පිමිම - මීටර් 13.20 නව තරග වාර්තාවකි.)
ක්‍රීඩකයා - නිපුන් කාවින්ද කල්දේරා - ලොයෙලා විද්‍යාලය -කොච්චිකඩේ (දුර පැනීම - මීටර් 7.52 නව තරග වාර්තාවකි)
23 න් පහළ
ක්‍රීඩිකාව - පී.ජී. මධුෂිකා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව- මීටර් 400 - තත්පර 55.16 නව තරග වාර්තාවකි
ක්‍රීඩකයා- එල්.ජී. ධනංජය - ශ්‍රී ලංකා යුද හමුදායව දුර පැනීම - මීටර් 7.83 නව තරග වාර්තාවකි.
16 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව- සදිනි කවීෂා
16 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා- ශෙමාල් මලින්ද
18 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව- අෂ්මිකා හේරත්
18 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා- ශෙහාන් කාරියවසම්
20 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව- හෂිනි ප්‍රබෝදා
23 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව- පී.ජී.මධුෂිකා
23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා- එල්.ජී. ධනංජය
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට පිරිනැමෙන සම්මානය හිමි කර ගත් හෂිනිි ප්රබොධා
තරගාවලියේ එක් එක් වයස් කාණ්ඩයන්හි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්
ඡායාරූප- ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

