සාජාහි පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද (19දා) සිවුවැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 05 ක් බිඳවැටී ලකුණු 133/5 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට වඩා ලකුණු 220 ක් ඉදිරියෙන් සිටියි.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 13 ක් හා ප්‍රසන්න ජයවර්ධන ලකුණු 06 ක් රැස්කරගෙන සිටිති.
හෙට (20දා) දිනයේදී ජයග්‍රහණයකින් හෝ ජය පැරදුමකින් තොරව මෙම තරගය අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුවහොත්, එය ශ්‍රී ලංකා කණ්ඩායම වසර 14කට පසු මවුබිමෙන් පිටතදී පාකිස්තානය පරදා තරගාවලි ජයක් ලබන පළමු අවස්ථාව වේ.
අද දිනයේදී මහේල ලකුණු 46 ක් රැස්කිරීමට සමත්වූ අතර, ඒ හේතුවෙන් ඔහුට සිය ටෙස්ට් ලකුණු 11000 (11033) කඩඉම පසුකිරීමට හැකිවිය. එය ශ්‍රී ලංකා පිතිකරැවෙකු එම කඩඉම පසුකළ පළමු අවස්ථාව සහ එවැනි දක්ෂතාවක් දැක්වූ ලොව 8 වැනි අවස්ථාව විය. ටෙස්ට් තරග 141 ක් ක්‍රීඩා කර මහේල මේ වනවිට ටෙස්ට් ශතක 32 ක් හා අර්ධශතක 45 ක් රැස්කරගෙන සිටියි.
තරගයේ සිවුවැනි දිනය වූ අද (19දා) දිනය ආරම්භ කරනවිට පාකිස්තාන කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 291 ක් රැස්කරගෙන සිටි අතර, ඉතිරි කඩුලු 4 ලකුණු 50 ක් ඇතුළත දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
සිය ක්‍රිකට් දිවියේ කඩුලු 05 බැගින් දවාගත් 17 වැනි අවස්ථාව සටහන් කළ රංගන හේරත් මෙම ඉනිමේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 125කට කඩුලු 5 ක් දවාලීමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ශමින්ද එරංග ලකුණු 60කට කඩුලු 04 ක් දවාලූ අතර, එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමද විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 172 ක් අවසානයේ ලකුණු 428/9 ක් රැස්කර ඉනිම අත්හිටුවීය.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ 125 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මෙම තරගයට ක්‍රීඩා කළ දිල්රැවන් පෙරේරා ලකුණු 95 ක් රැස්කිරීමට සමත්විය. ඔහුට තවත් ලකුණු 05ක් රැස්කිරීමට හැකි වූයේ නම්, එය සිය පළමු තරගයේදී ශතකයක් රැස්කළ සිවුවැනි ශ්‍රී ලංකා පිතිකරැවා සහ එවන් දස්කමක් කළ ලොව සියවැනි ටෙස්ට් ක්‍රිකට් පිතිකරැවා ලෙස වාර්තා අතරට එක්වීමට අවස්ථාව තිබිණි. මීට පෙර බ්‍රෙන්ඩන් කුරැප්පු (නොදැවී 201), රොමේෂ් කළුවිතාරණ (නොදැවී 132), තිලාන් සමරවීර (නොදැවී 103) සිය මංගල තරගයේදී ශතක රැස්කර තිබිණි.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 428/9 (පන්දුවාර 172)
දිල්රැවන් පෙරේරා 95 (පන්දු 247, 4x12, 6x2 )
ඇන්ජලෝ මැතිව්ස් 91 (පන්දු 256, 4x5, 6x1 )
කුමාර් සංගක්කාර 52 (පන්දු 103 , 4x5 )
මහේල ජයවර්ධන 47 (පන්දු , 4x5, 6x2 )
ප්‍රසන්න ජයවර්ධන 35 (පන්දු 77, 4x2 )
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 3/81 (පන්දුවාර 32 )
මොහොමඩ් තල්හා 3/99 (පන්දුවාර 32 )
සහීඩ් අජ්මාල් 2/120 (පන්දුවාර 55 )
අබ්දුල් රෙහෙමාන් 1/101 (පන්දුවාර 50 )
පාකිස්තානය පළමු ඉනිම 341/10 (පන්දුවාර 109.1)
අහමඩ් ශේෂාඩ් 147 (පන්දු 275, 4x12, 6x1 )
මිස්බා උල් හක් 63 (පන්දු 113, 4x1, 6x3 )
කුරම් මන්සූර් 52 (පන්දු 125, 4x4 )
ශ්‍රී ලංකාව පන්දු යැවීම
රංගන හේරත් 125/5 (පන්දුවාර 38.1)
ශමින්ද එරංග 60/4 (පන්දුවාර 24)
දිල්රැවන් පෙරේරා 1/71 (පන්දුවාර 17)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 133/5 (පන්දුවාර 71)
මහේල ජයවර්ධන 46 (පන්දු 144, 4x4, 6x1 )
කෞෂාල් සිල්වා 36 (පන්දු 94, 4x4)
පාකිස්තානය පන්දු යැවීම
අබ්දුල් රෙහෙමාන් 36/2 (පන්දුවාර 22)
මොහොමඩ් තල්හා 36/2 (පන්දුවාර 16)