නවසීලන්තයෙන් බිහි වූ ලොව විශිෂ්ටතම රග්බි ක්‍රීඩයෙකු වූ ජෝනා ලෝමු අද (18දා) දින ඕක්ලන්ඩ්හිදී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. වකුගඩු රෝගයකින් පෙළුණු ලෝමු මිය යනවිට 40 වැනි වියේ පසුවිය. අඩි 06 අගල් 05 උසැති ඔහු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සම වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් (15) රැස්කළ ක්‍රීඩකයා විය.
ජෝනා ටාලි ලෝමු 1975 වසරේ උපත ලබා ඇත. ඕක්ලන්ඩ්හි වෙස්ලි විදුහලේ අධ්‍යාපනය හදාරා ඇති ඔහු 1994 වසරේදී නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර රග්බි වරම් දිනාගනියි.