දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ඩර්බන්හිදී ඊයේ (13) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු පහක ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
ලකුණු 81 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 6.4 ක් අවසානයේ එම ඉලක්කය පසුකර යාමට සමත්විය. ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය වෙනුවෙන් වේගවත් ඉනිමක් ගොඩනැගූ බ්‍රැඩ් හොජ් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය. පන්දු 8කදී හොජ් නොදැවී ලකුණු 21 ක් රැස්කිරීමට සමත්විය.
ඔස්ට්‍රේලියානු ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 07 ක් අවසානයේ ලකුණු 80 ක් රැස්කිරීමට සමත්විය.
වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 08කට සීමාකළ අතර, පළමු තරගයද වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් කල්දැමිණි. තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0 ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් සිටියි.