සාර්ථක තරග සංචාරයක් ආරම්භ කරමින් දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී ආරම්භවූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 281ක ජයක් හිමිකරගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (15දා) සමත්විය. එම ජයග්‍රහණය ඔස්ට්‍රේලියානු කණ්ඩායම නොකඩවා ලැබූ හයවැනි ටෙස්ට් තරග ජයග්‍රහණය විය.
දකුණු අප්‍රිකානු නායක ග්රැහැම් ස්මිත්ගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 397 රුස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රුස්කිරීමට හැකිවූයේ ලකුණු 206ක් පමණි.
නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම, ලකුණු 290/4 රැස්කර ඉනිම අත්හිටුවූ අතර, ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 482 ඉලක්කයක් ලබා දුන්නේය.
දෙවැනි ඉනිමේද ක්‍රියාත්මකවූ මිචෙල් ජොන්සන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පිළිතුරැ ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියල්ලන් දැවී රුස්කිරීමට හැකිවූයේ ලකුණු 200ක් පමණි. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 281 ජයක් හිමිවිය. තරගයේ වීරයා ලෙස මිචෙල් ජොන්සන් සම්මාන ලැබීය.
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 397/10 (පන්දුවාර 122)
ශෝන් මාෂ් 148 (පන්දු 288, 4x15)
ස්ටීවන් ස්මිත් 100 (පන්දු 213, 4x13)
දකුණු අප්‍රිකාව පන්දු යැවීම
ඩේල් ස්ටෙයින් 78/4 (පන්දුවාර 29)
රොබින් පීටර්සන් 49/2 (පන්දුවාර 15)
දකුණු අප්‍රිකාව පළමු ඉනිම 206/10 (පන්දුවාර 61.1)
ඒ.බී. ඩිවිලියර්ස් 91 (පන්දු 148, 4x10, 6x2)
ජේ.පී. ඩුමිනි 25 (පන්දු 48, 4x1, 6x1)
ඔස්ට්‍රේලියාව පන්දු යැවීම
මිචෙල් ජොන්සන් 68/7 (පන්දුවාර 17.1)
නේතන් ලයන් 38/2 (පන්දුවාර 14)
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 290/4 (පන්දුවාර 72.2)
ඩේවිඩ් වෝනර් 115 (පන්දු 151, 4x13, 6x2)
ඇලෙක්ස් ඩෝලන් 89 (පන්දු 154, 4x12, 6x1)
දකුණු අප්‍රිකාව පන්දු යැවීම
ඩේල් ස්ටෙයින් 61/2 (පන්දුවාර 14.2)
ජේ.පී දුමිනි 12/1 (පන්දුවාර 4)
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම 200/10 (පන්දුවාර 59.4)
ඒ.බී. ඩිවිලියර්ස් 48 (පන්දු 90, 4x5)
හෂීම් අම්ලා 35 (පන්දු 71, 4x6)
ඔස්ට්‍රේලියාව පන්දු යැවීම
මිචෙල් ජොන්සන් 59/5 (පන්දුවාර 16)
රයන් හැරිස් 35/2 (පන්දුවාර 12.4)
ඡායාරූප ඒ.එෆ්.පී.