ඔස්ට්‍රේලියාවට ලකුණු 275 ක ජයක්
ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත්හි අද (04දා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ 26 වැනි තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කර ලකුණු 275 ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 418 ක ඉලක්කයට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 37.3 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 417/6 ක් රැස්කිරීමට සමත්විය. එය එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් ක්‍රීඩාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. මෙහි පෙර වාර්තාවට හිමිකම් කියූ ඉන්දීය කණ්ඩායම 2007 (බ.ඉ. කොදෙව්) වසරේදී බර්මියුඩාවට එරෙහිව ලකුණු 413/5 ක් රැස්කර තිබුණි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 178 ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අමතරව ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 39කදී ලකුණු 88 රැස්කළේය.
ඔස්ට්‍රේලියාව 417/6 (පන්දුවාර 50)
ඩේවිඩ් වෝනර් 178 (පන්දු 133, 4x19, 6x5)
ස්ටීවන් ස්මිත් 95 (පන්දු 98, 4x8, 6x1)
ග්ලෙන් මැක්ස්වෙල් 88 (පන්දු 39, 4x6, 6x7)
දව්ලාට් සද්රන් 2/101 (පන්දුවාර 10)
ඇෆ්ගනිස්තානය 142/10 (පන්දුවාර 37.3)
නෞරෝස් මංගල් 33 (පන්දු 35, 4x2, 6x2)
මිචෙල් ජොන්සන් 4/22 (පන්දුවාර 7.3)
මෙම තරගයේ විශේෂතා
-
2015 වසරේ මේ දක්වා අවස්ථා තුනකදී කණ්ඩායම් ලකුණු 400 සීමාව පසුකර ගොස් ඇති අතර, 2006 වසරෙන් පසු වසරකදී එම කඩඉම පසුකළ වැඩිම වාර ගණන වෙයි. 2006 වසරේදී පමණක් අවස්ථා 4කදී කණ්ඩායම් මෙම කඩඉම පසුකර ඇත.
-
ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් සිවු දෙනෙකුට එරෙහිව මෙම තරගයේදී ලකුණු 70 වැඩියෙන් රැස්කිරීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් සමත්වූ අතර, ලෝක කුසලාන තරග ඉතිහාසයේ එවැනි දුර්වල පන්දු යැවීමක් සනිටුවන් වූ පළමු අවස්ථාව මෙය වෙයි.
-
මැක්ස්වෙල් පන්දු 21කදී ලකුණු 50 සීමාව පසුකර ගිය අතර, එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ තෙවැනි වේගවත්ම අර්ධ ශතකය විය. ඔහු සමගින් බ්‍රෙන්ඩන් මැකලම් හා මාර්ක් බවුචර් මෙම ස්ථානයේ පසුවෙති.
-
ඩේවිඩ් වෝනර්ගේ ඉනිම (178) ඔස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි ඉහළම ඉනිම වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

