ඔස්ට්‍රේලියාව පෙරමුණ ගනියි
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ අද (19දා) පැවැති තුන්වැනි එක්දින තරගයෙන් ලකුණු 73ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග සත්කාරක ඔස්ට්‍රේලියානුවන්ට තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට හැකිවිය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 329 ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු ආරොන් ෆින්ච් ලකුණු 109ක් රැස්කිරීමට සමත් වූ අතර, අවසන් පන්දුවාර කිහිපයේදී වේගවන් ඉනිමක් දියත්කළ ස්ටීවන් ස්මිත් පන්දු 55කදී නොදැවී ලකුණු 73ක් රැස්කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.
නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 44.3 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 256ක් පමණි. එම ඉනිමේ ඉදිරිපෙළ පිතිකරුවන් කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන්නද, මැද පෙළ පිතිකරුවන්ට එය පවත්වාගෙන යාමට නොහැකිවිය. විශේෂයෙන් ඒ.බී. ඩිවිලියස් තරගයේ 37.2 පන්දුවාරයේදී සිවුවැනි කඩුල්ල ලෙස දැවීයන විට ලකුණු පුවරුව 224 ලෙස සටහන්ව තිබූ අතර, ඉතිරි කඩුලු 05 ලකුණු 32ක් ඇතුළත බිඳවැටිණ. ඉම්රාන් තාහීර් ආබාධයක් හේතුවෙන් පන්දුවට පහරදීමට නොපැමිණියේය. තරගයේ වීරයා ලෙස ස්ටීවන් ස්මිත් සම්මාන හිමිකර ගත්තේය.
ඔස්ට්‍රේලියාව 329/5 (පන්දුවාර 50)
ආරොන් ෆින්ච් 109 (පන්දු 127, 4x9, 6x3)
ස්ටීවන් ස්මිත් නොදැවී 73 (පන්දු 55, 4x8)
ඩේවිඩ් වෝනර් 53 (පන්දු 50, 4x6, 6x2)
ෂේන් වොට්සන් 53 (පන්දු 50, 4x6, 6x2)
මෝනේ මෝකල් 2/84 (පන්දුවාර 10)
දකුණු අප්‍රිකාව 256/10 (පන්දුවාර 44.3)
හෂීම් අම්ලා 102 (පන්දු 115, 4x9)
ඒ.බී. ඩිවිලියර්ස් 52 (පන්දු 34, 4x6, 6x1)
කුයින්ටන් ඩි කොක් 47 (පන්දු 53, 4x4, 6x1)
මිචෙල් ස්ටාක් 4/32 (පන්දුවාර 8)
ජෝෂ් හැස්ලිවුඩ් 3/51 (පන්දුවාර 9.3)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

