එළැඹෙන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග සඳහන් කරයි.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායම බැහර කළ නොහැකි බවත් හෙතෙම පැවැසීය.
එසේම ඉන්දීය කණ්ඩායම 1983 වසරේදීත්, පාකිස්තාන කණ්ඩායම 1992 වසරේදීත් ලෝක කුසලානය ජයග්‍රහණය කළ විට ඔවුන්ට එය කළ හැකිනම් මට කරන්න බැරිද යනුවෙන් පෙළඹවීමක් ඇතිවූ බවද හෙතෙම පැවැසීය.
"1983 වසරේදී කපිල් දේව් ලෝක කුසලානය භුක්තිවිදිනකොට මම පෙළඹුනා. ඉන්දියාව වැනි කණ්ඩායමක් ඒක කළානම් ඇයි ශ්‍රී ලංකාවට බැරි කියලා මම හිතුවා. අපි ඒක 1996දී කළා. ඉම්රාන් ඛාන් 1992 වසරේදී පාකිස්තානය ලෝක කුසලානයක් සඳහා මෙහෙයවුවානම් ඇයි මට බැරි කියලා මම හිතුවා." යැයි ඉන්දීය රූපවාහිනී වැඩසටහනක් වන සලාම් ක්‍රිකට් වැඩසටහනට එක්වෙමින් අර්ජුන පවසි තිබේ.