ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟපන්දු යවන උපදේශක බවට පත්ව තිබෙන මුත්තයියා මුරලිදරන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නව මාවතකට ගෙනෙමින් තිබේ. මේ වන විට ඔවුන්ගේ දග පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරමින් සිටින මුරලි ආසියානු තණතීරු වලදී ඔස්ට්‍රේලියානු දග පන්දු යවන්නන්ට අවශ්‍ය මග පෙන්වීම සිදුකරමින් සිටියි.
පාකිස්තානු කණ්ඩායම හා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව දඟපන්දු යවන්නන් ගැන වැඩි අවධානයක් යොමුකර තිබෙන අතර නවක දඟපන්දු යවන ක්‍රීඩක ස්ටීව් ඕ කේෆීද කණ්ඩායමට එක්කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ස්ටීව් පවසා තිබෙන්නේ තම පන්දු යැවීමේ විවිධත්වය සඳහා මුරලි සාධකය මිලකළ නොහැකි බවයි. එසේම ඊයේ ආරම්භ වූ පාකිස්තාන 'ඒ' ඔස්ට්‍රේලියා නිල නොවන ටෙස්ට් තරගයේදී ස්ටීව් කඩුලු තුනක් දවා ගැනීමටත් සමත්විය.