තරග 5කින් සමන්විත වූ 'අළු' බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී 4-0ක් ලෙසින් ජය හිමිකරගත් ඔස්ට්‍රේලියානුවන්ට සුබ පැතුම් එක් කරන්නට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානම වේග පන්දු යවන්නා වන ජේමිස් ඇන්ඩර්සන් කටයුතු කළේය.
සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින්, “මම ඕස්ට්‍රේලියානුවන්ට සුබ පතනවා 'අළු බඳුන' තරගාවලිය ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. ඒ වගේම තමයි අපිත් තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් අපට කරන්න පුළුවන් හැමදේම කළා. නමුත් හොඳම කණ්ඩායම ජයග්‍රහණය කළා.” යැයි ඇන්ඩර්සන් එංගලන්ත කණ්ඩායමේ ප්‍රබලම ප්‍රතිවාදියා වන ඔස්ට්‍රේලියානුවන්ට සුබ පැතුම් එක්කරමින් සඳහන් කර තිබුණි.