ඔස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමේ නව නායකයා ලෙසින් මයිකල් හූපර් පත් කොට ඇත. ඒ කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් මෝ අන්තර්ජාතික රග්බි පිටියට සමුදීම හේතුවෙනි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම පසුගිය (2015) වර්ෂයේදී ලෝක කුසලාන රග්බි තරගාවලියේ අනුශුරතාව දිනා දීමට නායකත්වය දුන් ස්ටීවන් මෝ පසුගිය සතියේදි ක්‍රීඩාවෙන් සිය සමුගැන්ම ප්‍රකාශයට පත් කළ අතර ඔහු සිය තීරණය මෙවර රග්බි තරගවාරය අවසන් කිරීමත් සමගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අතර 25 හැවිරිදි නව නායක මයිකල් හූපර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 68 කට එක්වී ඇති අතර ස්ටිවන් මෝ 2014 වරෂයේදී ආබාධයකට ලක් වීමෙන් අනතුරුව හෙතෙම කණ්ඩායමේ නායකත්වය හොබවා ඇත.