ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන ඉදිරි සිමිත පන්දුවාර තරග සඳහා ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් හා වෙග පන්දු යවන ක්‍රීඩක නේතන් කොට්ලර් නයිල් එක්නොවේ.
ස්ටීවන් ස්මිත් ඉදිරි එක්දින තරග තුනේදි හා විස්සයි20 තරග දෙකේදී විවේක ගෙන ඇති අතර නේතන් කොට්ලර් නයිල්ට ආබාධයක් හේතුවෙන් ඉදිරි තරග අහිමි වී තිබෙනවා.
ඉදිරියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කාර්ය බහුල තරග සමයක් ආරම්භ වෙන බැවින් එයට සූදානම් වීමට විවේක ගැනීම සඳහා ස්මිත් නැවතත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.
කෙසේ වෙතත් ස්මිත්ගේ මෙම හදිසි තීරණයට මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසන්නේ ඔහුගේ තීරණය පිලිබඳතව තමන් පුදුම වන බවයි. එසේම වෙනත් කිසිඳු නායකයෙක් එස සිදුකර ඇත්දැයි මහේල ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කරයි.
ඒ අනුව සීමිත පන්දුවාර තරග වලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඩේවිඩ් වොනර් විසින් මෙහෙයවීමට නියමිතය. මේ අතර දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහාද ඔස්ට්‍රේලියා කණ්ඩායම නම්කර තිබේ. එක්දින තරගාවලියට නම් නොකළ ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් විස්සයි20 සංචිතයට නම් කර තිබේ.