පස්වැනි කාන්තා ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස නවදිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී අද (30දා) පස්වරුවේ පැවැති තරගයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කර ලකුණු 05 ක තියුණු ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය.
ඔස්ට්‍රේලියාව විස්සයි20 ලෝක කුසලාන පහේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ සිවුවැනි අවස්ථාව මෙය වන අතර, ඔවුහු 2010, 2012 සහ 2014 වසරවලදී ශූරතාව දිනාගැනීමට සමත්ව සිටිති.
ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 127 ක් පමණි. එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 13 ක් රැස්කිරීමට බාරවුවද, ඔවුන්ට රැස්කළ හැකි වූයේ ලකුණු 07 ක් පමණි.
ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවක් වන චාලට් එඩ්වඩ්ස් සහ ටමී බයුමන්ට් ලකුණු 67 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමූහ. මෙම තරගාවලිය චාලට් එඩ්වඩ්ස්ගේ අවසන් තරගාවලිය වීම හේතුවෙන් පරාජයෙන් පසුව ඇය හැඬූ ආකාරයද දැකගත හැකි විය.
ඔස්ට්‍රේලියානු ඉනිමේ ඉහළම ලකුණුලාභිනිය බවට පත්වෙමින් මැග් ලනින් පන්දු 50 කදී නොදැවී ලකුණු 55 ක් රැස්කිරීමට සමත් වූවාය. ඒ හේතුවෙන් ඇය දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබුවාය.
ඔස්ට්‍රේලියාව 132/6 (පන්දුවාර 20)
අලීසා හේලි 25 (15, 4x5), එලිස් විලානි 19 (20, 4x4), මැග් ලනින් 55 (50, 4x6), එලිස් පෙරී 10 (16), ඇලෙක්ස් බ්ලැක්වෙල් 11 (13), ජෙස් ජොන්සන් 4 (6), බෙත් මූනි නොදැවී 1 (1)
එංගලන්තය පන්දු යැවීම
ලෝරා මාෂ් 1/18 (4), නටාලි සිවර් 2/22 (3), ජෙනී ගන් 1/22 (4)
එංගලන්තය 127/7 (පන්දුවාර 20)
චාලට් එඩ්වඩ්ස් 31 (29, 4x4), ටැමී බෙවුමන්ට් 32 (40, 4x1, 6x1), සාරා ටේලර් 21 (23, 6x1), නටාලි ස්සිවර් 0 (3), හෙදර් නයිට් 1 (6), ඩැනියෙලා වයිට් 10 (9), කැත්රිනා බර්න්ට් 11 (5, 4x1, 6x1), ජෙනී ගන් 1 (1), ලයිඩියා ග්රීන්වේ නොදැවී 3 (4)
එංගලන්තය පන්දු යැවීම
එලිස් පෙරී 1/20 (4), මේගන් ස්ශට් 2/15 (4), රෙනී ෆෙරල් 1/26 (4), ක්‍රිස්ටීන් බම්ස් 1/23 (4), එරින් ඔස්බොර්නි 1/5 (1)