අයර්ලන්තය 44 - 10 රුමේනියා
රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (27දා) රාත්‍රියේ පැවැති තරගයකින් රුමේනියාව පරාජය කර ලකුණු 44 - 10 ක් ලෙස පහසු ජයක් ලැබීමට ප්‍රබල අයර්ලන්තය සමත්විය.
ජයග්‍රාහී අයර්ලන්ත ක්‍රීඩකයෝ ගෝල දිනුම් 04ක්, උත්සාහක දිනුම් 02ක් හා දඩුවම් පහර 02 ක් සාර්ථක කරගැනීමට සමත්වූ අතර, පරාජිත රුමේනියා ක්‍රීඩකයින්ට සාර්තක කරගැනීමට හැකිවූයේ ගෝල දිනුමක් හා දඩුවම් පහරක් පමණි.
ස්කොට්ලන්තය 39 - 16 ඇමරිකාව
ඇමරිකාවට එරෙහිව ඊයේ (27දා) සන්ධ්‍යාවේ පැවැති තවත් තරගයකින් ඇමරිකාව පරාජය කර ලකුණු 39 - 16 ක් ලෙස ජය ලැබීමට ස්කොට්ලන්තය සමත්විය. ගෝල දිනුම් 04ක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 02 ක් ආධාරයෙන් ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ සිය ලකුණු පුවරුව ශක්තිමත් කර ගත් අතර, ඇමරිකානු ක්‍රීඩකයන් ගෝල දිනුමක් හා දඩුවම් පහර 03 ක් ආධාරයෙන් ලකුණු රැස්කළහ.
ඔස්ට්‍රේලියාව 65 - 03 උරුගුවේ
මෙම තරග වලට අමතර ඊයේ (27දා) සන්ධ්‍යාවේ පැවැති තවත් තරගයන් උරුගුවේ කණ්ඩායම පරාජය කර ලකුණු 65 - 03 ක් ලෙස දැවැන්ත ජයක් ලැබීමට ලෝක ශ්‍රේණිගතකිරීම්හි අංක 02හි පසුවන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
ජයග්‍රාහී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ගෝල දිනුම් 05ක්, උත්තාහක දිනුම් 06ක් සාර්ථක කරගනිමින් සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගත් අතර, උරුගුවේ ක්‍රීඩකයෝ දඩුවම් පහරක් පමණක් සාර්ථක කරගනිමින් තමන් ලබාගත් එකම ලකුණ රැස්කළේය.