ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වූ ඔස්ට්‍රේලියා කණ්ඩාම එම පරාජයේ වාඩුව ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (31දා) සමත්වූ හෙයිනි.
ඒ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති සිවුවැනි එක්දින තරගය කඩුලු හයකන් ජයගනිමිනි. ඒ අනුව තරග 3-1ක් ලෙස ජයගැනීමටත් ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 217ක් දවා ගත් අතර ලකුණු 218ක ඉලක්කය කඩුලු හතරක් පමණයක් වැය කර පන්දුවාර 31කදී පසුකර යාමට ඔස්ට්‍රේලියාව සමත්විය.
මෙම තරගයේදි ඔස්ට්‍රේලියාවේ ආරෙන් ෆින්ච් පන්දු 18කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර එය ඔස්ට්‍රේලියානුවෙකු රැස්කළ වේගවත්ව අර්ධ ශතකයට හිමි වාර්තාව සම කිරීමකි. ග්ලේන් මැක්ස්වෙල් හා සයිමන් ඕ, ඩොනෙල් පන්දු 18කින් අර්ධ ශතකය රැස්කර තිබුණි.
.jpg)
.jpg)
http://editorial.ada.lk/wp-content/uploads/file/251431_3.jpg