(UPDATE) ශූරයන්ගේ කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (26දා) එංගලන්තයේ පැවැත්වූ පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2කින් පරාජය කර තරගයේ අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ආරෝන් ෆින්ච් හා ට්‍රැවිස් හෙඩ් ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගන ගියේ පිළිවෙළින් ශතකයක් හා අර්ධ ශතකයක් රැස්කමිනි.
ශූරයන්ගේ කුසලාන තරගාවලියට අදාළව පැවැත්වෙන් පුහුණු තරගවල ආරම්භක තරගය වන ශ්‍රි ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදි කඩුලු 7ට ලකුණු 318ක් රැස්කළේය. නායක ඇන්ජලෝ මැතිව්ස් (95), අසේල ගුණරත්න (70*) අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංක ඉනිම ශක්තිමත් කළේය.
.png)