වසර 138ක් පැරණි ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක් පෙරළමින් නවසීලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඇඩිලේඩ් පිටියේ පැවැත්වෙන පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 186ක ඉලක්කයක් හිමිව තිබේ.
රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව භාවිත කරමින් මෙම තරගය පැවැත්වෙන අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 202ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 224ක් රැස්කළේය. ලකුණු 22ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම ලකුණු 208කට සිමා කිරිමට ඔස්ට්‍රේලියාව සමත්විය.
ඒ අනුව ලෝකයේ පැවැති පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගය ජයගත් පළමු කණ්ඩායම ලෙස වාර්තාවක් පිහිටුවීම සඳහා ඔස්ට්‍රේලියාවට ලකුණු 186ක් ඉලක්කයක් හමිවිය.