රියෝ ඔලිම්පික් උලෙළ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම මත 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවූ බව පැවසීම අසත්‍යයක් බවත්, ක්‍රීඩා අමාත්‍යාංශය මුදල්වෙන් කළේ 28 දෙනෙකුට පමණක් බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම අනාවරණය කර සිටියේ, ඔලිම්පික් කමිටුව යනු තමන්ට අදාළ කාරණයක් නොවන බවයි. කෙසේ නමුත් ඔලිම්පික් කමිටුව වැරැද්දක් කළහොත් ඇමතිවරයාට ඇති බලතල සහ ජාත්‍යන්තර ඔලිම්පික් ප්රඥ්ඥප්තියේ තිබෙන තත්ත්වයන් අනුව ගත හැකි සෑම පියවරක්ම ගන්න බවද හෙතෙම පැවසීය.
රියෝ ඔලිපික් උලෙළ සඳහා සහභාගිවූ පිරිස පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,
"ක්‍රීඩාව සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා සහභාගි වූ පිරිස සම්බන්ධව. ඔලිම්පික් තරගාවලියට සහභාගි වූ පිරිසෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කළේ 28 දෙනෙකුට පමණයි. 40 දෙනෙකු ගියා කියන එක සම්පූර්ණ බොරුවක්. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩකයන් 09යි, පුහුණුකරුවන් 09යි, මාධ්‍යවේදීන් 06යි හා අමාත්‍යාංශයෙන් 04යි සහභාගි වුණේ. අනික් අය ඔලිම්පික් කමිටුවට තිබෙන අරමුදල්වලින් ගිය අය. එම පිරිසත් මගේ අමාත්‍යාංශයෙන් යවලා තිබෙනවා නම් පමණයි, මම ඒකට වගකියන්නේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් සඳහා ක්‍රීඩකයෙකු සමඟ පුහුණුකරුවෙකුද සහභාගි වුණේ" යැයි පැවසීය.
ක්‍රීඩා අමාත්‍යවරයාට තිබෙන බලතල අනුව ජාතික ඔලිම්පික් කමිටුව ගනු ලබන ඇතැම් ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් නොවන්නේ ඇයි දැයි මෙහිදී විමසා සිටි අතර, ඊට පිළිතුරු දුන් දයාසිරි ජයසේකර මහතා,
"ඔලිම්පික් කමිටුව කියන්නේ මට අදාළ කාරණයක් නෙමෙයි. නමුත් මම ඔලිම්පික් කමිටුවට බය නැහැ, වැරැද්දක් කරලා තිබුණොත් ඇමතිවරයාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්ම ක්‍රීඩා නීතිය අනුව සහ ඔලිම්පික් ජාත්‍යන්තර ප්රඥ්ඥප්තිය අනුව ගන්නවා. ඒ පියවරයන් ගන්න මම බයවෙන්නේ නැහැ. මම හොඳට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්රඥ්ඥප්තිය කියවලා තියෙන්නෙ" යැයි සඳහන් කළේය.
"පසුගිය කාලයෙත් ඔලිම්පික් කමිටුව එක්ක ප්‍රශ්න ඇති වුණා. නමුත් එම ප්රශ්වවලට ඔලුවෙන් මුහුණදෙන්නෙ නැතිව ඇඟපතින් මුහුණදෙන්න ගිහිල්ලා අපිට තහනමක් වැටෙන්නත් තිබුණා. රියෝ ඔලිම්පික් උලෙළට සහභාගි වූ පිරිස ගැන අග්රාමාත්යතුමාත් අපෙන් විමසලා තිබුණා. ලේකම්තුමා (ක්‍රීඩා අමාත්‍යාංශයේ) ඒ ගැන විස්තර යවල තිබෙනවා. ඒ අනුව කටයුතු කිරීම අග්‍රාමාත්‍යතුමාට භාරයි. එම නිසා නැවත ස්වාධීන කමිටු පත්කිරීමට කිසිදු වුවමනාවක් නැහැ" යැයි පැවසීය.