ඩයලොග් සමාගම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරන ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාම 16ක් එළිදක්වා තිබේ. එම ක්‍රීඩකයන් 16 දෙනා අතරින් එක් ක්‍රීඩකයෙකු ඔබගේ ඡන්දයෙන් වසරේ ජනතාවගේ ක්‍රිඩකයා ලෙස සම්මාන ලැබීමට නියමිතය.
එම නිර්දේශිත නාම අතරින් වසරේ ජනතාවගේ ක්‍රීඩකයා ලෙස ඔබ අනුමාන කරන්නේ කවුද? ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අද වෙබ් අඩවිය ඉඩ වෙන් කර තිබේ.
සැප්තැම්බර් 20දා ක්‍රිකට් සම්මාන රාත්‍රිය පැවැත්වීමට නියමිත අතර එහිදී ජනතාවගේ ක්‍රීඩකයා ලෙස සත්‍ය වශයෙන් සම්මාන ලබන ක්‍රීඩකයා හා අද වෙබ් අඩවියේ මත විමසුමෙන් ජයගත් ක්‍රීඩකයා කවුරුන්ද යන්නත් දැන ගැනීමට හැකියාව තිබේ.
මෙම මත විමසුම හුදෙක්ම අද වෙබ් අඩවිය විසින් කරන වැඩසටහනක් පමණක්ම වන අතර එයට ඩයලොග් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු බැදීමක් නොමැත.
එසේම මෙම මත විමසුමෙන් ක්‍රිකට් සම්මාන උළෙලේ ක්‍රීඩකයන් තොරා ගැනීම සඳහා කිසිදු බලපෑමක්ද නැත.
අපගේ මත විමසුමට ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන්න - http://goo.gl/ZIsw4T