චෙල්සි කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස පරදා මෙවර එංගලන්ත එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය් ශූරතාව දිනා ගැනීමට ආසනල් කණ්ඩායම සමත් විය.
තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (27) රාත්‍රිෙය්දී (ශ්‍රී ලංකා වේලාවෙන් අද-28 අළුයම) එංගන්තයේ වෙම්බ්ලි හිදි පැවැත්විනි.
තරගයේ පළමු අර්ධය ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් ආසනල් කණ්ඩායම පසුවිය.
මෙම ජයග්‍රහනයත් සමගින් ආසනල් මෙවර තරගාවලියේ ශූරතාව 13 වැනි වරට හිමි කර ගත්තේ එම ශූරතාව වැඩිම වාර ගනනක් හිමි කර ගත් කණ්ඩායම බවට පත් වෙමිනි. මීට තරගාවලියේ 13 වතාවක් ශූරතාව දිනා මැන්චෙස්ටර් යුනයිටඩ් , ආසනල් සමගින් පෙරමුනේ පසුවිය.
1871 වර්ෂය්දී ආරම්භ කරන ලද එෆ්.ඒ කුසලානය මේ දක්වා පැවැත්වෙන ලොව පැරනිතම රග්බි තරගාවලිය ලෙසින්ද හඳුනාගත හැක.
