රිනවුන් කණ්ඩායම ගෝල 3-1 ක් ලෙසින් පරාජයට පත් කරමින් එෆ්.ඒ. කුසලාන පාපන්දු කුසලානය මෙවර තමන් සතු කර ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවති අවසන් තරගයේ පළමු අර්ධයේ පටන් රිනවුන් දැල ආක්රමණය කිරීමට යුද හමුදා ක්රීඩකයෝ දැඩි වෙහෙසක් දැරුවද 15 වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වූ රිනවුන් නායක එම්.සී.එම්. රිෆ්නාස් පළමු ගෝලය යුද හමුදා දැල තුළින් රිංගා යැවීමට සමත් විය.
කෙසේ වෙතත් පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී සිය පීඩනයෙන් මිදීමට යුද හමුදා ක්රීඩකයෝ සමත් වූයේ නායක ධනුෂ්ක විජේසිරි වාර්තා කළ ගෝලයත් සමගිනි.
කෙසේ නමුදු එම මිනිත්තුවේදීම රිනවුන් ක්රීඩක ෆ්රැන්සිස් අග්බෙටි හට ලැබුණු රතු කාඩ්පත නිසා එතැන් පටන් ක්රීඩකයින් දස දෙනෙකුගෙන් යුතුව මුළු තරගයම ක්රීඩා කිරීමට රිනවුන් කණ්ඩායමට සිදු විය.
ඒ අවසරයෙන් ප්රයෝජන ගත් යුද හමුදා ඉදිරිපෙළ ක්රීඩක මොහොමඩ් ඉසදීන් පිළිවෙලින් 60 වැනි හා 90+4 වැනි මිනිත්තු වලදී ගෝල ද්විත්වයක් වාර්තා කලේ තරගයේ ජයග්රහණය යුද හමුදාවට හිමි කර දෙමිනි.
මෙය යුද හමුදා කණ්ඩායම එෆ්. ඒ. කුසලානය හිමි කර ගත් සිව්වැනි අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක් විය.